ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සුර්යා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද සිට සැප්තැම්බර් මස 06 දක්වා මෙලෙස පවතිනු ඇති.

එබැවින් අද දහවල් 12 පසුවී මිනිත්තු 11ක් ගතවූ පසු ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතීන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ අතර ඉදිරි පැය 36ක කාලය සඳහා බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි .

WhatsApp Group

Skip to content