
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජලසැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුන්නක් සිදුවන බැවින්, මෙම ජල කප්පාදුව සිදු කරන බවයි. ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පහත සඳහන් සේවා ජලාශ මගින් ආවරණය වන ප්‍රදේශවලට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවනු ලබනවා. රජපිහිල්ල සේවා ජලාශය මගින් ජලය සපයන උඩුවාවල, පොල්වත්ත පාර, ග්ලෙවත්ත, වස්ගේවත්ත, උඩ බොකලවල, පල්ලේ බොකලවල, පිහාඔයේවත්ත, අහස්ලියද්ද යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත් හිටුවනු ඇති. එමෙන්ම , කොටුවේවත්ත, නාගහමුල පාර, තවලන්ගොඩ, බලගොල්ල, හපුගොඩ, පට්ටියාවත්ත, රජපිහිල්ල, මොරගහවෙල, අත්තරගම, උල්ලදුපිටිය පාර, පොහොරබේතැන්න පාර සහ අත්තරගම දෙකිඳ පාර යන ඉහත ජලාශය මගින් ජලය සපයන ප්‍රදේශ සදහාද මෙය වලංගු වනවා. එමෙන්ම මැදවල (පැරණි) සේවා ජලාශය මගින් ජලය සපයන කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැටේ, පල්කුඹුර, ඉඩමේගම, අඹේගම,ඇතුලු ජල සැපයුම් ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටුවනවා.
10 මැදවල (නව) සේවා ජලාශයට අයත් බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සුරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද ප්‍රදේශ වලටත් මෙම ජල කප්පාදුව අදාළයි. ගලගෙදර සේවා ජලාශය ඔසුසේ ජලය සපයන ගලගෙදර, වෑබඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර මෙන්ම මාවතගම සේවා ප්‍රදේශය යේ මාවතගම, බරන්දන පාර, රඹුක්කන යන ප්‍රදේශ සදහාද ජල කප්පාදුව සිදු කරනු ලබනවා.














