බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එමෙන්ම දිවයින තුල හමනා සුළගේ වේගය පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content