මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේ එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවයි.
මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට සැප්තැබ්මර් මස 30 වන දින දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 7,677ක් ලැබී තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 6,296ක් සහ ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ නොවන පැමිණිලි 1,381ක් ඒ අතරට අයත් වනවා.
එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සැප්තැම්බර් මාසය තුළ ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,176ක්.
ළමා ආරක්ෂක අධිකාරී පනතට අදාළව ලැබුණු පැමිණිලි අතර ස්ත්‍රී දූෂණයට සම්බන්ධ පැමිණිලි 49ක් සහ ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක් සහ සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක්ද එම අදිකාරිය වෙත ලැබී තිබෙනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












