හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ අද(22) උදෑසන සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණ බවයි.
එහිදී හෙරොයින් කිලෝ අටයි ග්‍රෑම් 168ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 823,000ක්, විද්‍යුත් තරාදි තුනක්, ජංගම දුරකථන හතරක්, ව්‍යාජ අංක තහඩු හයක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් සහ 42ක් වන හෝකන්දර සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරම විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුදැනුම මත සිදු කරගෙන යන බවට අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.
මොවුන් කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.