හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා.
2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළවයි පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දී තිබෙනවා.