පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහසිගත සාක්ෂියක් ලබා දීමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවා හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුද්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණා.
අදාළ ප්‍රකාශය සිදුකළේ මීට සති කිහිපයකට පෙර තමන්ට ලැබුණු තොරතුරකට අනුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ.
වොයිස් කට් – මෛත්‍රිපාල
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා.
වොයිස් කට් – කාවින්ද ජයවර්ධන