හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවක් ජුලි 30 දක්වා කල් ගොස් තිබෙනවා.
ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ අද(23) යළි කැඳවූ අවස්ථාවේදීයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සතොස සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවලට යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ නඩුව අද(23) කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසා තිබෙනවා.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි මස 30 වැනිදා දක්වා කල්දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙදස නියෝග කර තිබෙනවා.