හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.
නව ආණ්ඩුකාරවරයා රත්නපුර එෛතිහාසික සුමන සමන් දේවාලය වැඳ පුදා ගැනීමෙන් පසුවයි නව ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ.
සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේ ඇති ආණ්ඩුකාර නිල කාර්යාලයේදී නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමට නියමිත බවයි.











