හික්කඩුව නගර සභාවේ අයවැය තෙවනවරටත් ඊයේ(24) සවස පරාජයට පත්ව තිබෙනවා.
හික්කඩුව නගර සභාවේ බලය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටයි.
අයවැය සම්මත කරගැනීම සඳහා නගර සභා සැසිවාරය ඊයේ පස්වරුවේ සභාති යසස්වින් ගොඩකන්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.
එහිදී අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජල බලවේගයට ඡන්ද 9ක්ද විපක්ෂව ඡන්ද 10ක්ද ලැබීම නිසා වැඩි ඡන්දයකින් තෙවනවරටත් හික්කඩුව නගර සභාවේ අයවැය 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබෙනවා.
හික්කඩුව නගර සභාව සභිකයන් 19 දෙනෙකුගෙන් යුක්ත වනවා.
ජාතික ජන බලවේගයට සභිකයන් 9 දෙනෙක්ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 4 දෙනෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය නියෝජනය කරමින් සභිකයන් දෙදෙනා බැගින්ද එක්සත් ජාතික පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක් සභිකයකු බැගින්ද තේරී පත්ව සිටිනවා.













