
ගංජා තොගයක් සමග ගව සොරකමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙක් ඇඹිලිපිටිය කෙට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(28) අලුයම උඩවලව, පනහඩුව ප්‍රදේශයේදී ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලදාරීන් කන්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක් කර ඇති බවයි.
එහිදී ගංජා කිලෝග්‍රෑම් 26 ග්‍රෑම් 770ක් සමග ගව සොරකමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන උඩවලව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 26, 31, 37 සහ 46 වයස්වල පසුවන පල්ලෙබැද්ද හා තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියේ.
උඩවලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














