නාවලපිටිය හරංගල කිරිමැටියාව ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් එම නිවස සහ නිවස තුළ වූ භාණ්ඩ මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.
නිවසේ මව සහ පියා රැකියාවට ගොස් තිබූ අවස්ථාවක ඔවුන්ගේ දරුවන් තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම ගින්න හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටිනේනේ.
ඇති වූ ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පාසල් නිල ඇඳුම්, පාසල් උපකරණ ඇතුළු නිවසේ සියලු භාණ්ඩ ගින්නෙන් විනාශයට පත්ව තිබෙනවා.
මෙම නිවසේ පදිංචිව සිටි පිරිස ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත් පිරිසක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ගින්න පිළිබඳ වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.












