හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මියයයි – 6කට තුවාල
හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය පවසනවා
ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරියක් රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට ධාවනයවෙමින් තිබියදී එම ලොරිය රියදුරගෙන් මිදී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඒ අසල නවතා තිබූ තවත් යතුරු පැදිකරුවකුද යටකරගෙන කුඩා පෙට්ටි කඩයකද ගැටීගෙන ගොස් ඇල්ලක වැදි නැවතී තිබෙනවා
අනතුරින් ලොරියේ රියදුරු සහ යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා
සිද්ධියෙන් සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු හතරලියද්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති අතර තවත් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත යොමු කර තිබෙනවා