මත්ද්‍රව්‍ය වැටලීමක නිරතවී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා තුවාල සිදුකර තිබෙනවා.
ඉන් එක් නිලධාරියෙකු ඊයේ පස්වරුවේ රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කොළඹ, මාළබේ ප්‍රදේශයට අනියුක්තව රාජකාරී කරන නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්වී ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිලධාරීයෙකු කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත් පොලීසිය තවදුරටත් සඳහන් කළා.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.