Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුබ ඇපයකට !

    සුබ ඇපයකට !

    2023-01-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු පෙරේදා දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේදී ආරම්භ කළේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
    තවත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වන විට පළාත් පාලන ආයතන 20 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියා.
    බදුල්ල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

    එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ද ඊයේ දිනයෙන් ආරම්භ වුණා.
    එම අයදුම්පත් භාර ගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    පෙරේදා දිනයෙන් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතු වන, නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.
    එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින්, බඳවා ගැනීම් , උසස් කිරීම් සහ මාරු කිරීම් යන කරුණු සීමාකළ යුතු බව ද අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන්ට කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය , නිදහස ජනතා සභාව සහ මහජන පක්ෂය ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
    එමෙන්ම පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිදු බාධාවක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

     

    පෙර පුව​තදෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
    ඊළඟ පුව​ත කොමිසමේ එක මතයක් නැහැනේ !

    සබැ​ඳි පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group