මාලදිවයින් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි කුසලාන ” පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය මාලේ නගරයේ දී ඉකුත් 26 වන දා සිට 30 වන දා දක්වා කලාපයේ රටවල් හතරක් සමග පැවැත්වුණා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති, ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.










