විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ සියලු නිවෙස්වල විදුලිපහන් නිවා දමා විරෝධතාවක් පල කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහි ලේකම් සංජිව ධම්මික මහතා සඳහන් කරන්නේ එළබෙන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලයට විදුලිබිල සංශෝදනය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ හේතුවෙන් ඉරිදා දිනයේදී සවස 6.30 සිට අඩහෝරාවක කාලයක් සෑම නිවසකම විදුලි පහන් නිවා දමා ඒ සඳහා විරෝදය පල කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ. .
හඬ පට ධාවකයවිදුලි බිල වැඩි කිරීමට එරෙහි 69ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීම මේවන විට ගිරිවුල්ල සති පොළ භූමියේදී සිදු කෙරෙනවා.
හෙට දිනයේදී දිවුලපිටිය සති පොලේදීද , සෙනසුරාදා දිනදී මීරිගම සති පෙලේදීද ඉරිදා දිනදී මිගමුව නගරයේදීද පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමට නියමිතයි.
මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විදුලිබිල වැඩිකිරීමට අමාත්‍යවරයාට අවසර හිමිව ඇත්තේ කුමන ව්‍යවස්ථාවෙන්දැයි මේලෙස විමසා සිටියා.
හඬ පට ධාවකය