එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පැවති පළමු තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 286ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 289ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදා කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 227ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දුවා 46ක් අවසානයේ කඩුළු 05න් පමණක් දැවී ලකුණු 228ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- කළු ගඟේ ජල මට්ටම ඉහළට
- යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
- උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
- තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
- රජරට රැජින දුම්රියේ ගින්නක්
- සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 වනදා
- ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපතට













