සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශයට ගොවි සංවිධාන සිය විරෝධය පළ කරනවා.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අවස්ථාවක, සහල් ආනයනය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව පසුගියදා ඔහු ප්‍රකාශ කළා.
ගොවීන් චෝදනා කරන්නේ, මීට පෙර සහල් ආනයනයට එරෙහි වූ වත්මන් ආණ්ඩුව මේ වනවිට සිය ප්‍රතිපත්ති වෙනස් කරමින් මහා පරිමාණ මෝල් හිමියන්ට සහන සැලසීමට පියවර ගනිමින් සිටින බවයි.