ජාතික කාන්තා කොමිසමේ සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමේ සභාපතිවරුන් දෙදෙනා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ජාතික කාන්තා කොමිසමේ ප්‍රථම සභාපතිනිය ලෙස පත්වූ නීතිඥ රමණී ජයසුන්දර මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
ව්‍යවස්ථාදායක සභාව විසින් ජාතික කාන්තා කොමිසමේ සභාපති ධුරය සඳහා රමණී ජයසුන්දර මහත්මිය මීට වසරකට පෙර පත් කරනු ලැබුවා.
එසේම ඉල්ලා අස්වී ඇති අනෙක් සභාපතිවරයා වන්නේ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම මහතායි.
පසුගිය 2024 වසරේ ඔක්තෝබර මස ඔහු එම තනතුරට පත් කරනු ලැබුවා.
අබේවික්‍රම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.










