සංචාරක පනත නැවත සකස් කර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
බේරුවල , බෙන්තර වෙරළ තීරයේ සංචාරක කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
එහිදි පැරා මෝටරින් ක්‍රීඩාව සිදුකරන කර්මාන්තකරුවන් සමගද නියෝජ්‍ය අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
එම සංචාරක කලාපයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබූ පැරා මෝටරින් ක්‍රීඩාව මීට මාස 6කට පමණ පෙර නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
එම කලාපයේ ඇති හෝටල් කිහිපයක උවමනාව මත එය සිදුකර ඇති බවයි එම කර්මාන්තයේ නියුතු වෘත්තිකයින් පෙනුවා දී ඇත්තේ..
කෙසේ වෙතත් බෙන්තර , බේරුවල හෝටල් සංගමය ප්‍රකාශ කරන්නේ පැරා මෝටරින් යන්ත්‍ර නිසා විශාල ශබ්දයක් ප්‍රදේශයේ පැතිරී යාමත් සමග සංචාරකයින් ඒ පිළිබඳව පැමිණිලි සිදු කර ඇති බවයි.
එබැවින් ඒ සම්බන්ධව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කරන ලද ඉල්ලීමකට අනුව මෙම ක්‍රීඩාව තාවකාලිකව නවතා දමා තිබෙනවා.
සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් පැරා මෝටරින් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සම්බන්ධව සති දෙකක් තුළ තාක්ෂණික කමිටුවක් පත්කර ඒ පිළිබඳව සොයා බැලීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
- අයිස් කේස් නිසා පොහොට්ටුව කැළඹෙයි – VIDEO –
- පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
- අද රෑට වහිනවා – කාලගුණය
- විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
- වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්
- දේශබන්දුගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
- එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්