චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මහතා අතර හමුවක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී සිදුවුණා.
මෙහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ දැවැන්තම
ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බවයි.
එබැවින් තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි
දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත
යුතු බවද ඔහු සදහන් කර තිබුණා.
චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත්, එය
ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද එහිදී
සඳහන් ව තිබෙනවා.
සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බවයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.
තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය ජනාධිපතිවරයෙක් වන චීන
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ
ඇති බවත් නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ට්‍රම්ප්
ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
උණුසුම් පුවත්
- ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
- හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
- ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
- දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
- ආපදා මරණ ඉහලට
- පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට
- නොපෙනන වස්තු සොයන්න ගිහින් කූරූ ගනින්න වෙයි
- සම්භාහනය මුවාවෙන් කළ කැත වැඩක් මාට්ටුවෙයි










