2024 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
මෙම ගැටළුවට අදාළ පැමිණිලිකාර පාර්ශ්ව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන වාර්තාවල පිටපත් ලබාදුන් බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.