
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් ඊයේ රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.














