2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග තුනක් පසුගිය දින වලදී පැවත්වුනා.
ඒ අතරින් පළමු තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතරයි පැවත්වුනේ. සමස්ත තරගාවලියේ 2 වැනි තරගය වූ මෙම තරගය ජුනි 16 වනදා බෝගම්බර රග්බි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා. එහිදී විද්‍යාර්ථ විදුහල් පිල ලකුණු 26 ට 19ක් වශයෙන් විද්‍යා විදුහලට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමටයි සමත් වුනේ.
එමෙන්ම මෙම පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය ජූලි 17 වනදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා .
එහිදී ලකුණු 17 ට 15 ක් ලෙස ලබා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ධර්මරාජ විදුහල තියුනු ජයක් වාර්තා කිරීමටයි සමත් වුනේ .
සමස්ථ තරගාවලියේ සිව් වැනි තරගයේදී ලකුණු 19-13ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරදවමින් කොළඹ ශාන්ත තෝමස් විදුහලට ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි වුනා.
එම තරගය ගල්කිස්ස බිග් ක්ලබ් ක්‍රීඩාංගණයේදීයි පැවැත් වුනේ.
මෙම තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශාන්ත තෝමස් විදුහල මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර පාසල් රග්බි ලීගයේ ආරම්භක සතියේ බ්ලොක්බස්ටර් ගැටුමේ ජය තහවුරු කිරීමට සාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුනා .
මෙහිදී ශාන්ත පීතර විද්‍යාලය විසින් ලකුණු 11 ට 06 ක් ලෙසයි රාජකීය විද්‍යාලය පරාජය පත් කළේ .
උණුසුම් පුවත්
- අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
- සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
- මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක
- විපක්ෂ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් නෑ
- ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්
- හිටපු ඇමැති ඉන්දිකගේ කාර්ය මණ්ඩල සේවකයෙක් සහ තවත් අයෙක් අල්ලස් දැලේ
- මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා
- ටී-56 උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට













