ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ හවුල්කාරිත්වය පිළිබඳ විශේෂඥයින්ගේ තෙවන රැස්වීම පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී යි.
එහිදී 2016 වසරේ සිට සංක්‍රමණ හවුල්කාරිත්වය යටතේ ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා.
පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයට ද්විපාර්ශ්වික ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන විධිමත් ලෙස භාර දීමෙන් පසු හවුල්කාරිත්වයේ අනාගත ගමන් මග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.
ආරක්ෂිත, ක්‍රමවත් සහ නිත්‍ය සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම සහ සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් යන දෙපිරිසටම සම්භව රට සහ ගමනාන්ත රට යන දෙකෙහිම සංක්‍රමණික ප්‍රතිලාභ උපරිම කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබුණා.
දෙරටෙහිම වත්මන් සංක්‍රමණික ප්‍රවණතා සහ දේශීය කුසලතා සංවර්ධන රාමුව සංවර්ධනය කිරීම සහ පිළිගැනීම තුළින් ශ්‍රී ලාංකික සේවකයින්ට ඇති අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්
- සැණකෙළි භූමියක අනතුරක්
- පුහුණු පාඨමාලා ආයතන 844ක් වසා දමලා
- ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
- මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද
- පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා
- මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
- කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්