ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවදානයක් හේතුවෙන් එම මාර්ගයේ පාලමක් අලුතින් පාලමක් ඉදිකිරීම හේතුවෙන් එම ාමර්ගය හෙට(14) දින සිට ජුනි මස 24 වනදා දක්වා දින 10ක් වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලමක් දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් අලුතින් පාලමක් ඉදිකිරීමට මෙලෙස මාර්ගය දින 10ක් වසා තබන බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලය පුවත්පත් දැන්වීම් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම්දී තිබෙනවා.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය, ලක්ෂපාන හරහා නෝර්ටන්බි්‍රජ් මාර්ගය සහ හැටන් නෝර්ටන්බි්‍රජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම පාලම වසර හතරක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත් පවතින වර්ෂාවත් සමගින් පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.