කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කළ සැකකරුවෙක් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ අයෙක් බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසනවා.
ජනවාරි 19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින හතක රැඳවුම් නියෝග මත කොළම මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී 2024.11.08 වන දින මරදාන, නෙළුම් කුළුණ තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.













