ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබෙනවා.
රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැවැත්වු සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම මෙයට හේතුවයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග පැය දෙකකට අධික කාලයක් ඊයේ දිනයේදී අදාළ සාකච්ඡාව පවත්වා තිබුනා.
මේ අතර සෞඛ්‍ය හා තැපැල් වෘත්තිය සමිති ද රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරි සතියේ ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයට පත් කළා,
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා .
හඬ පට ධාවකයඒකාබද්ද තැපැල් වෘත්තිය සමිති පෙරෙමුනේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයට අවතීර්ණ වන බවයි.
හඬ පට ධාවකය