විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා.
සී, බී සහ ඩී කාණ්ඩ යටතේ මෙම තරග තුන පැවැත්වෙනවා.
මින් තරග දෙකක් ඉන්දියාවේදී ද අනෙක් තරගය ශ්‍රී ලංකාවේදී ද පැවැත්වෙනවා.
තරගාවලිය 7 වන තරගය ලෙස ස්කොට්ලන්තය සහ ඉතාලිය අතර තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි.
කොළඹ එස්.එස්.සී. පිටියේ අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඕමාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයි.
බී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය, තරගාවලිය 8 වන තරගය වනවා.
තරගාවලියේ 9 වන තරගය ඉන්දියාවේ අහ්මදාබාද්හි අද පස්වරු 7ට ආරම්භ වීමට ඇත්තේ කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයි.














