පාකිස්තාන රජයට එරෙහිව එරට පාලිත කාශ්මීරයේ අඛණ්ඩව තුන්වන දිනටත් ඊයේ විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ගැටුම් හමුවේ සිවිල් වැසියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
ගැටුම්වලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද මිය ගොස් ඇති අතර, නිලධාරීන් 09 දෙනෙකදු තුවාල ලබා තිබෙනවා.