වියට්නාමයේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි වියට්නාම බලධාරීන් සඳහන් කරන්නේ.
සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ලෝන්ග් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී මෙම බෝට්ටුව අනතුරට ලක්වී තිබෙනවා.
තවමත් බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් රැසක් අතුරුදන් අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බවද එරට මාධ්‍ය වාර්තා කළා.