ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ තිබෙනවා.
අද(09) පෙරවරුවේ ඒ මහතා එම කාර්යාංශය වෙත පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
වීරවංශ මහතා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙස පසුගියදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය දැනුම්දී තිබුණා.
එහෙත් අදාළ දිනයේදී තමාට පැමිණීමට නොහැකි හේතුවෙන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව වීරවංශ මහතා අද දිනයේදී නීතිඥවරයෙක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ තිබෙනවා.
ඔහු සමග ඔහුගේ දේශපාලන හිතවතුන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.