පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට නිසි ආරක්ෂාවක් නොමැතිවීම හමුවේ තමන්ට ඡන්දය ලබාදුන්ම හජනතාව අතරට ගොස් රැස්වීම් පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කතා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක කඳුරට ජනතා පෙරමුනේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
වී. රාධාක්‍රිෂ්නන් මන්ත්‍රීවරයා හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒබ ව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආරක්ෂාව එක හා සමානව ලබාදිය යුතුව ඇතත් රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට පමනක් දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මෙම ආරක්ෂාව ලබාදෙන ලෙස කොතෙක් ඉල්ලීම් කලද එයට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නොහැකි නම් මේ රටේ මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට නිදහසේ ගමන් කළ වාතාවරණයක් ඇති කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව වී රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.













