විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි.
මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ.
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.
උණුසුම් පුවත්
- රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක්
- මහාමාර්ග සංවර්ධනය රාට් දියුනුවට අත්‍යවශ්‍යයි-ජනාධිපති
- කඩුගන්නාව මාර්ගය යළිත් වසා දමයි
- මහනුවර නුවරඑළිය මාර්ගය ගැරඩිඇල්ලෙන් වසා දැමේ
- හැඩ ඔය ගංගා නිම්න වෙත ගං වතුර අවධානමක්
- මහවැලිය පිටාර ගලයි
- කුඹුක්කන් ඔයටත් අනතුරු ඇගවීම්
- ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි.










