දිය අනතුරකට ලක්වූ විදෙස් ජාතික කාන්තාවක් හික්කඩුව පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබෙනවා.
ඊයේ(19) සවස් කාලයේදී හික්කඩුව වෙරළ ආසන්න මුහුදේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දිය වැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් පුෂ්පකුමාර(66364), පොලිස් කොස්තාපල් හර්ෂ(79541) සහ පොලිස් කොස්තාපල් මිහිදු(83255) යන නිලධාරීන් විසින් එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 44ක් පමණ වූ රුසියන් ජාතික කාන්තාවකි.
මේ අතර හික්කඩුව, වෑවල ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශ ජාතිකයෙකු දියවැලකට හසුව දියඹට ඇදීගෙන යාමෙන් පසු නැවත ගොඩට ගසාගෙනවිත් තිබෙනවා.
1990 ගිලන් රත සේවාව මගින් එම පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් පමණ වූ බෙලරූස් ජාතිකයෙකි.
මෘත දේහය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













