විභාගයට ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස උසස් පෙළ විභාග අපේක්ෂිත දරු දැරියන් රජයෙන් ඉල්ලා සිටිනවා.
දෙමාපියන් පෙන්වා දෙන්නේ දෛනික විදුලි කප්පාදුව හමුවේ තම උසස් පෙළ දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි.
මෙම තත්වය හමුවේ ඊට විසඳුමක් ලබා දීම සදහා මැදිහත් වන ලෙසයි එම දරුවන් සහ දෙමවුපියන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
2022 වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
එය පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200ක්.
උණුසුම් පුවත්
- විමල්ට යළිත් පොලිසියෙන් කැඳවීමක් ?
- නිදන් සෙවූ හතරක් මාට්ටු
- දකුණට හරවලා වෙච්චි වින්නැහිය
- නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- නීතීඥවරයකුට පහරදුන් පොලිස් නිලධාරියෙක් රක්ෂිත බන්ධනාගාරයට
- ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
- ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
- ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි