තලවකැලේ ප්‍රධාන දේවස්ථානයකට පිරිසක් රැගෙන පැමිණි වෑන් රථයක් එම දේවස්ථානයේ ආරක්ෂිත වැටද කඩාගෙන හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට පෙරළී අනතුරක් සිදු වි ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි එම දේවස්ථානයට පැමිණි වෑන් රථය හැරවීමට පසුපසට ධාවනය කරවන අවස්ථාවේ වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදි ආරක්ෂිත වැට කඩාගෙන අඩි 15ක් පමන පහළින් වූ ප්‍රධාන මාර්ගයට ඊයේ දින පස්වරු 5:30ට පමණ පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.