බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි අවසන් එක්දින තරගය පරාජය වුවද තරගාවලිය සාර්ථකව නිමා කිරීමට හැකිවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.
ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේ පැවති තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් චරිත් අසලංක මේ බව කියා සිටියා.
දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ට 1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.