ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා .
එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා වැලි ඇති බවට තහවුරු වී තිබුනා .
එ අනුව කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසයි .
එමෙන්ම අදාල සමාගමට එරෙහිව නඩු පැවරීමටත් ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











