පාසල් පැවැත්වෙන කාල සීමාව විනාඩි තිහකින් දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම් එය අමතාර රාජකාරී හා වගකීම් බරක් වන බවත් එයට සරිලන ලෙස වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවත් ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ විනාඩි 30ක කාලයක් දිගු වීමෙන් දින විස්සකදී එය පැය 10ක අමතර සේවා කාලයක් බවයි.
එය ගුරුවරුන්ගේ වැටුපට සෘජුව බලපාන බවද ඔහු පෙන්වා දුන්නා.
අදාළ යෝජිත වැඩපිළිවෙළ මගින් ඉගැන්වීම් කාලය දිගු වුවද එය සමාන්තරව ගුරුවරුන්ගේ වැටුප සාධාරණව වැඩි කළ යුතු බවත් එය අධ්‍යාපන අමාතයංශය ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.