වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද(17) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් කිසිවෙකුටත් බරපතල හානියක් සිදුව නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












