ව්‍යාජ ලේඛන සකස් කරන ලද පුද්ගලෙයකු ව්‍යාජ ලේඛන තොගයක්ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේදී සිදු කරන ලද විශේෂ වැටලීමකදීයි.
එහිදී ව්‍යාජ දේශීය හා විදේශීය ගමන් බලපත්‍ර, ව්‍යාජ රියදුරු බලපත්‍ර, ව්‍යාජ හැඳුනුම්පත්, විදෙස් රටවල ව්‍යාජ වීසා බලපත්‍ර, ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමට යොදාගන්නා උපකරණ, කිලෝ 1 ග්‍රෑම් 500ක් බරැති විවිධ වර්ගයේ රත්ත්රං ආභරණ සහ මුදල් රුපියල් 26,500,000ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.