2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව 13 ලක්ෂ 13,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව පෙන්වා දෙන්නේ.
ඒ අතරින් පුද්ගලයින් දෙලක්ෂ 69,780ක් ඉන්දියාවෙන්, එක්ලක්ෂ 24,652ක් එක්සත් රාජධානියෙන් සහ එක්ලක්ෂ 14,644ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලා.