Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට

    ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට

    2025-10-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය හෙට (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

    වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    මෙහි දී කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා විසින් “හදිසි ආපදාවක දී මානසික සෞඛ්‍ය සදහා ප්‍රවේශය” යන තේමාව යටතේ විශේෂ දේශණයක් පැවැත්වීම නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නොවිල් විජේසේකර මහතා විසින් “හදිසි අවස්ථාවක දී සාමුහික වගකීම” යනුවෙන් දේශනයක් ද පැවැත්වීමට ද නියමිතයි.

    මානසික සෞඛ්‍ය වෙනුවෙන් දිනයක් වෙන් කීරීමේ මූලික පරමාර්ථය නම් ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීමයි.

    මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ට මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව කතිකා කිරීමට සහ ලොව පුරා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා තවදුරටත් කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට මෙම දිනය ඉතා වැදගත් වනු ඇත.

    ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.

    එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, එසේම ජීවනෝපායට පවා බලපෑම් ඇති කල හැකි බවත්, නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමක් දැක ගත හැකි බවද එම සංවිධානය සදහන් කරයි.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද, විශයට අඳාළ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන්,ප්‍රජා සංවිධාන,සිවිල් සංවිධාන නියෝජනය කරමින් පිරිසක්ද එක්වීමට නියමිතයි.

    පෙර පුව​ත“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතන රැසකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group