ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය 2025 නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සංවිධානය කරතිබූ ජාතික උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.
“අදම ක්‍රියාත්මක වෙමු. අපගේ වර්තමානය ආරක්ෂා කර ගනිමු. අපගේ අනාගතය සුරක්ෂිත කරමු” යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික උත්සවය පැවැත්වුණු අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් එම අංශය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.













