ලුණු මෙට්‍රික් ටොන් 18,163 ක් මේ වන විට මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව පසුගිය මැයි 22 වැනිදා සිට ජුනි 7 වැනිදා දක්වා කාලය තුළ එම ලුණු තොගය ආනයනය කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 1291 ක පමණ මුදලක් වැය වී ඇති බව සදහන්.
එම මුදලින් රුපියල් මිලියන 720ක් බදු මුදල් ලෙස ගෙවා ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට නියමිතයි.