ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කලේ.
මේ අතර ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන ඇති බවයි.