ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළ අතර ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.