ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිලදීගත් පාසල් දරුවන්, කාර්මික විද්‍යාල ,විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
මේ බව පවසමින් ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබුනා.
”යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් මණ්ඩලීය පිළිවෙත් අනුව දැඩි වරදකි. සියලු ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කළ යුතු බව ඔවුන් දැනුවත් කර ඇති අතර යම්කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර ඇත” ලෙස එම නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කෙන්ද්‍රය වෙත 1958 දුරකථන මාර්ගය මගින් දැනුම් දෙන ලෙසද එම නිවේදනය මඟින් වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.